Search

Subaneth Astrology-Werellagama Claimed

Subaneth Astrology

/51 Reviews

අන්තර්ජාලය සමාජ මාධ්‍ය සැරිසරන්නට කිසිවෙකුට බාධාවක් නැත. ඒකත් හරියට පිටකොටුවේ වෙළදාම වගේය. හොඳ ඒවා වගේම තුට්ටු දෙකට පේමන්ට් බඩුද ඇත. බැලූ බැල්මට වෙනසක් නැත. ගාන අඩුය. ඔරිජිනල් කියාද කියයි. ගෙනාවට පසු කලිසමේ සිප් නැත. ෂර්ට් එකේ පිට නැත..

පසුගිය දිනවල දැන්වීම් පල කර තිබුණා නොමිලේ කේන්දර බලනවා ය කියා. හැබැයි බලන්නේ දරුපල ගැන පමණයි ලු. එතනම කාරණාව ඉස්මතු වී ඇත. මුකුත්ම නොකියා දෙන කේන්දරයේ සියල්ල කතා කරයි. ඒකේ කියන්නේ දරුපල පමණි. ඉලක්ක කණ්ඩායම තරුණ විවාහක කාන්තාවන් ය. ඉන් එහාට සිදුවන දේ සිතාගැනීමට සාමාන්‍ය දැනීම ප්‍රමාණවත්ය.

නොදන්න නොහඳුනන කෙනෙක්ගෙන් සේවය ලබාගැනීමට පෙර අඩුගානේ එයා ජෞතිෂය ගැන පලකරන ලිපි මොනවාද කියලා සොයන්න. ඒකත් කොහෙන් හරි එකතු කරගත්ත දෙයක්ද බලන්න අසා ඇති ගැටලු වලට දී ඇති පිලිතුරු බලන්න. එකපාරටම inbox එන්න කියන්නෙම බොරු කාරයෝ. සේවාදායකයා විවෘතව ප්‍රශ්ණ අහනවා නම් ජෞතිෂවේදියා ට විවෘතව පිලිතුරු දීමට බැරි කමක් නෑ නේ.

ඕනවට වඩා විස්තර කතා කරන්න අවශ්‍ය නෑ. කේන්දරේ කියන්නේ ජන්මියා ගේ කැඩපත. එයාගේ සමාජ තත්වය, වත්කම, චරිත ලක්ෂණ, හැදියාව, සියල්ල ඒ තුල තියෙනවා. වේලාවේ යම් දෝෂයක් ඇත්දැයි දැනගැනීමට ඒ විස්තර පමණක් ඉල්ලුවිට දුන්නාම ඇති. මුලින් විස්තර කියනකොට ඒක වැරදියි කියලා තේරුණාම වැඩේ අත හරින්න. හරිගස්සන්න යන්න එපා.

fb profile එක බැලුවාම ගොඩාක් දෙනෙක්ගේ පෞද්ගලික තොරතුරු තියෙනවා. ඒකෙන්ම අරගෙන එයාට ම කියලා පුදුම කරවන අයත් ඉන්නවා.

මේවා අපි හෙලි කරන්නේ කාටවත් බඩේ පහර ගහන්න නෙවෙයි. ශාස්ත්‍රය ට තියෙන ගෞරවය නිසා. පෞද්ගලිකව මගෙන් උපදෙස් ගන්න අය අය දන්නවා මා කවුරුන්ද යන වග. මේ සටහන තුලින් මා බලාපොරොත්තු වන්නේ බොරුකාරයන්ට හසු නොවී ඔබේ ජීවිතය සාර්ථක මගකට යොමු කිරිමයි.

සැමට සුවබර අනාගතයක්

1 Review for Subaneth Astrology-Werellagama

gayani.b9295 1 Reviews
Great service

Your service is really great . I wish you all success in your service and moreover I appreciate your noble service to help people’s life through astrology .

Was this review ...? Interesting 7 LOL 1 Love 5